ABOUT US


අන්තරජාලයෙන් මුදල් ඉපයීම.

අන්තරජාලයෙන් මුදල් උපයන්න පුළුවන් බව දන්නේ බොහොම සුළු පිරිසක් විතරයි. ඔවුන්ගෙනුත් ඒ ගැන හරියටම කිහිප දෙනෙක් පමණයි. බොහෝ දෙනා හිතන්නෙ අන්තරජාලය කියන්නේ කිසිම මහන්සියකින් තොරව අසීමිතව මුදල් උපයන්න පුළුවන් තැනක් කියලයි. නමුත් ඒක සම්පූර්ණයෙන්ම වැරදියි.

තත්‍ය ලෝකෙදි විවිධ ක්‍රම වලින් මුදල් උපයන පිරිස් ඉන්නව.
  1.  ඉහළ මට්ටමේ අධ්‍යාපනයක් ලබා ඒ අනුව ඉහළ වැටුපක් සහිත රැකියාවන් කරන අය.
  2. ඉහළ අධ්‍යාපනයක් නොලැබුවත් ස්වඋත්සාහයෙන් දියුණු වූ සහ තම ධනය නිවැරදිව ආයෝජනයෙන් විශාල ලාභ ලබන අය
  3. සාමාන්‍ය අධ්‍යාපනයක් ලබා සාමාන්‍ය මට්ටමේ රැකියාවක් කරන අය.
  4.  විවිධ වංචනික ක්‍රියා,රැවටීම ආදියෙන් මුදල් උපයන අය.
මේ වර්ග 4ම අන්තර්ජාලයෙත් ඉන්නව. සාමාන්‍ය ලෝකෙදි වගේම සයිබර් අවකාශයෙදිත් අපිට දවසකින් දෙකකින්, නැත්නම් සතියකින්, නැත්නම් මාසෙකින් ලොකු මුදලක් උපයල ලක්ෂපතියෙක් වෙන්න බෑ. නමුත් කවුරු හරි මේ ගැන නිවැරදිව අධ්‍යනය කරල මහන්සිවෙල කැපවීමෙන් ක්‍රමානු කූලව කරනවනම් කාලයක්  ගතවෙද්දි සැලකිය යුතු ආදායමක් ලබන්න පුළුවන්.

මෙහිදී අපි ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ ඉහත කියපු  3වන වර්ගයේ අයට උදව් කරන්නයි. ඒ කියන්නේ අන්තර්ජාලය ගැනවත් ඉංග්‍රීසි ගැනවත් ලොකු දැනුමක් නොමැතිව මුදල් උපයන විදිය. කලිනුත් කිව්ව වගේ එකපාරට ලොකු මුදලක් උපයන්න අමාරුයි.  

අපි ඔබට අනුගමනය කලයුතු නිවැරදි මාවත පෙන්වනව. එය නිවැරදිව ඉගෙනගෙන අළුත් දේවලුත් සොයාගෙන සාර්ථකත්වය ලබා ගැනීම ඔබ සතු කාර්යයක්.

දිගටම අපිත් එක්ක ඉන්න. අපි ඔබට උදව් කරන්නම්.