Sunday, December 2, 2012

ClixSense - 1 (ලියාපදිංචිවීම)

ආයුබෝවන්...!!!

පොරොන්දු උන විදියටම අද මම කියල දෙනව මොකද්ද PTC (paid to Click) කියන්නේ කියල. ඔයාල දන්නවනෙ අන්තර්ජාලයෙ වෙළඳ දැනවීම් තියනව කියල. ඉතින් එහෙම වෙළඳ දැන්වීම් පලකරන ආයතන ඒ දැන්වීම් නරඹනවට අපිට පොඩි කොමිස් මුදලක් ගෙවනව. PTC sites නැත්නම් Bux sites කියන නමින් තියෙන්නේ ඒව. මේ වගේ සයිට් විශාල ප්‍රමාණයක් අන්තර්ජාලයේ තියනව. නමුත් ඒවයින් බොහෝමයක්, 98% විතරම ව්‍යාජ ඒවා. ඒ කියන්නේ අපි ඒවයි ලියාපදිංචි වෙලා කෙතරම් දැන්වීම නැරඹුවත් අපිට මුදල් ගෙවන්නේ නෑ. ලොකු මුදලක් අපි සතුව තියනව වගේ පෙන්නන්න පුළුවන්. නමුත් අපි ඒ මුදල් අපේ Payza/PayPal ගිණුමකට හුවමාරු කරන්න(cash out) ගියාම ඒක කරන්න බැරිවෙනව.


ඒක නිසා දකින දකින Bux sites වල ලියාපදිංචි වෙන්න එපා. 100% ක්ම මුදල් ගෙවන බවට තහවුරු කරගත්ත සයිට්ස් කීපයක් මම දාන්නම්කො. ව්‍යාජ ඒව අඳුන ගන්න තියන හොඳම ක්‍රමය තමයි ඒ සයිට් වල විශාල මුදල් ගෙවන බව සඳහන් කර තිබීම. සාමාන්‍යෙයන් සත්‍ය ලෙසම මුදල් ගෙවන සයිට් වල එක් දැන්වීමත් නැරඹීම සඳහා අපිට ගෙවන්නෙ $0.001 සිට $0.02 දක්වා මුදලක් විතරයි. ඒක නිසා එක් දැන්වීමකට $5, $10, $50, $100, $200 වගේ ප්‍රමාණ ගෙවනව කියල තිබුනොත් ඒක අනිවාර්යෙන්ම ව්‍යාජ සයිට් එකක්.

PTC sites අතරේ ඉන්න ප්‍රමුඛතම සයිට් එක තමයි ClixSense කියන්නෙ. මේක ආරම්භ කරල තියෙන්නේ 2007. මේ වෙනකම්ම ගෙවීම් කරනව. පහළ තියන බැනර් එක ක්ලික් කරල ලියාපදිංචි වෙන්න පුළුවන් නොමිලේම



එතකොට මේ වගේ වින්ඩෝ එකක් ඕපන් වෙනව.


 මේක නිවැරදිව පුරවල signup now ක්ලික් කලාම ඔයාල දීපු ඊමේල් ලිපිනයට තහවුරු කිරිමේ ලිංක් එකක් එනව. ඒක ක්ලික් කරල ගිණුම තහවුරු කරගන්න.
ඊට පස්සේ ඔයාලගේ ගෙදර ලිපිනය රට වගේ විස්තර පුරවන්න වෙනව.

මේ view ads කියන ටැබ් එක විවෘත්ත කලාම අපිට  තියන ඇඩ් පෙන්නනව. ඇඩ් එක ක්ලික් කලාම ඒක අලුත් ටැබ් එකකින් ඕපන් වෙනව. ඊට පස්සේ උඩින්ම පින්තූර කිපයක් දාල ඒ අතරින් පූසගේ පින්තූරේ තෝරන්න කියනව. ඒක ක්ලික් කලාම ටිකකින් වැඩේ සම්පූර්ණ වෙනව.

***හොඳින් මතක තබාගන්න.
මෙ දිනකින් දෙකකින් හෝ සතියකින් හෝ මාසයකින් විශාල අදායමක් උපයාගතහැකි ක්‍රමයක් නොවේ. සැලකිය යුතු මුදලක් ලබාගැනීම සඳහා වැයවන කාලය ඔබගේ උත්සාහය හා කැපවීම මත පමණක් රඳා පවතී.

අපේ ගොඩක් අය දවස් කීපයක් මේක කරල අතඇරල දානව වැඩක් නෑ කියල. එත කොට ඒ ගිණුම් අක්‍රීය වෙනව. ඒක අපේ රටට අවාසිදායකයි. මොකද දිගටම එහෙම වුනොත් ලංකාවට මෙම සයිට් බ්ලොක් කරන්න පුළුවන්. ඒක නිසා දිගට කරගෙන යන්න පුළුවන් කියල හිතෙනවනම්  විතරක් මෙවයි ලියාපදිංචි වෙන්න.

ClixSense වලින් වැඩිපුර මුදල් හොයාගන්න විදිය කියල දෙන්නම් ඉදිරියෙදි. ඒ වගේම තව අළුත් සයිට් කීපයක් ගැනත් කියන්නම්කො ඊලඟ ලිපි වලින්.
එතෙක් ආයුබෝවන්...!!!