Sunday, December 2, 2012

අන්තර්ජාලයෙන් මුදල් උපයන ක්‍රම


ආයුබෝවන්....!!!

ඔන්න කලින් කිව්ව වගේම අද මම කියන්නෙ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුළුවන් ක්‍රම මොනවද කියන එකයි. එතකොට ඔයාලට පුළුවන් තමන්ට ගැලපෙන, කරගෙන යන්න පුළුවන් කියල හිතෙන ක්‍රමයක් තෝර ගන්න.

1.       Internet marketing & forex trading - (අන්තර්ජාලයේ විවිධ භාණ්ඩ හා සේවා අලෙවි කිරීම, එවැනි ආයතන වල බ්‍රෝකර් වරුන් ලෙස වැඩකිරීම. forex trading ගැනනම් මමත් වැඩිය දන්නෙ නෑ. මේවා සැලකියයුතු ආදායමක් උපයන්න පුළුවන් ක්‍රම. නමුත් මේ විශය පිළිබඳ හොඳ දැනුමක් අනිවාරුයෙන්ම තියෙන්න ඕන.

2.       Online jobs - ලෝකය පුරා පැතුරුන විශාල ආයතන තමන්ගෙ වැඩ කරවා ගැනීමට අන්තර්ජාලය ඔස්සේ පිරිස් බඳව ගන්නව. Data entry සිට programming, software designing, accounting, book keeping, graphic designing, record writing, blog writing වැනි පුළුල් ක්ශෙත්‍රයක පැතිරුන රැකියා විශල වශයෙන් අන්තරජාලයේ සිට on line ආකාරයට කරන්න පුළුවන්. මේවත් ඉතින් හැමෝටම බැනේ. නමුත් ඒ වගේ රැකියාවක් කරන්න පුළුවන්නම් අනිවාර්යෙන්ම මාසෙකට ලොකු මුදලක් හොයන්න පුළුවන්.

3.       Mini/micro jobs - මේවනම් ඉතින් අන්තර්ජාලය පිළිබඳ සාමාන්‍ය දැනුමක් තියන, ඉංග්‍රීසිත් ටිකක් පුළුවන් ඕන කෙනෙකුට කරන්න පුළුවන්. අපි මේවා ගැන පසු ලිපියකින් වැඩිපුර කතා කරමුකෝ.

4.       PTC (Paid To Click) -ඔන්න මේව නම් ඕන කෙනෙකුට කරන්න පුළුවන්. අන්තර්ජාලයෙ දැන්වීම් පළකරන ආයතන තියනව. ඔවුන් කරන්නෙ ඔවුනගෙ දැන්වීම් අපිට කියල බලව ගන්න එක. ඒ සඳහා අපිට පොඩි කොමිස් මුදලක් ගෙවනව. මේක ගොඩක් ලේසි ක්‍රමයක් නිසා සතියකින් දෙකකින්, නැත්නම් මාසයක් දෙකක් යනකම් ලොකු මුදලක් හොයන්න බෑ
5.   Paid to read e-mails - මේකත් කලින් කියපු ජාතියෙම එකක් තමයි. ඒ වගේ සයිට් එකක ලියාපදිංචි උනාම අපිට ඊමේල් විදියට දැනවීම් එනව. අපිට තියෙන්නෙ ඒව බලන්න.
6.   Paid surveys - විවිධ සමීක්ෂණ ආයතන වල සමීක්ෂණ වලට සහභාගි වෙලා පොඩි මුදලක් හොයන්න පුළුවන්. නමුත් ලංකාව වගේ රටවලට ලැබෙන සමීක්ෂණ ප්‍රමාණය ගොඩක් අඩුයි.
7.   අපගේ බ්ලොග් අඩවියක හෝ වෙබ් අඩවියක දැන්වීම් පළ කිරීමෙන්. Google adsence කියන්නෙ ඒවගේ එකක්. අපිට ඇඩ්සෙන්ස් එකවුන්ට් එකක් තියනවනම් අපේ වෙබ් අඩවිය, බ්ලොග් අඩවිය, හො YouTube චැනල් එකේ ගූගල්ලම ඇඩ් දානව. ඒ සඳහා අපිට යම් මුදලක් ලැබෙනව. ඉතින් අපිට ගොඩක් ජනප්‍රිය සයිට් එකක් කරන්න පුළුවන්නම් වැඩේ ගොඩ. නමුත් අවාසනාවකට වගේ ලංකාවෙන් හදන adsence ගිණුම් වලංගු වෙන්නෑ. වෙප රටකින් හදාගෙන මෙහේ ඉඳන් කරන්න පුළුවන්.  adsence වගේම මේ සේවාව දෙන ආයතන තව තියනව.  

ඇත්තම කියන වනම් ඉහතත කතාකරපු 4,5 ක්‍රම 2ම එකම වගේ තමයි.

මාත් මේ ක්ශේත්‍රයට ගොඩක් පරණ කෙනෙක් නෙමෙයි. අපි A/L කරල result එනකම් ගෙදර ඉන්න කොට තමයි මුලිනම අනතර්ජාලයෙන් මුදල් ඉපයීම ගැන ආසාවක් ඇතිවුනේ. ඔයාලත් දැකල ඇති පත්තරවල යන දැන්වීම්, මාසෙට රුපියල් ලක්ෂයක් හොයන්න පුළුවන් කියල. ආසාව තිබ්බත් ඒ වගේ පාඨමාලාවකට සම්බන්ධ වෙන්න හිතුන්නෑ. දන්නවනේ ඒවයි ගණන්. අනතිමට අතේ තියන ටිකත් නැති වෙන වැඩ තමයි ව. ඔහොම ඉන්න අතරෙ මගේ යාළුවෙක් මේ වැඩේ පටන්ගත්ත. ඉතින් මටත් හිතුන තනියම වැඩේට අත ගහන්න. වැඩේ පටන් ගන්න කලින් මන් හොඳට හොයල බැලුව. Internet එකේ මොනවද ඉතින් නැත්තෙ. කොහොම හරි මන් මාසයක් විතරම මේව ගැන හොයන්න පුළුවන් හැම විදියටම හෙව්ව. ඊට පස්සෙ වැඩෙත් පටන් ගත්ත. ඉතින් ඒ ගමන් මන් කල්පනා කල මේව ගැන උනන්දුවක් තියන අයට මන් දන්න දේවල් කියල දෙන්න. ඒකට තමා බ්ලොග් එක පටන් ගත්තේ. 

එහෙනම් යාළුවනේ අපි සහයෝගයෙන් වැඩේ කරගෙන යමු. මෙනව හරි ගැටලුවක් ආවොත් කමෙන්ට් එකක් දාලා යන්න.

    PTC සයිට් ගැන කතාකරන ලිපියකින් ලඟදීම හමුවෙන්නම්. එතකන් ආයුබෝවන්...!!!